සේවා කොන්දේසි | Terms & Conditions
Version 1.0 · Last updated 7 November 2026
01. සේවා සහ Scope
- •පිළිගත් Quotation එකේ හෝ තෝරාගත් Package එකේ deliverables, ප්‍රමාණ, formats, revisions, ගාස්තු සහ delivery කාලසටහන සඳහන් විය යුතුය.
- •අමතර වැඩ සඳහා වෙනම Quotation එකක් ලබා දී, ඔබේ අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් ගාස්තු අය කෙරේ.
02. ගෙවීම්
- •එක් වරක් කරන Projects සඳහා 50% advance එකක් අවශ්‍යයි. ඉතිරි 50% final preview එක අනුමත කළ පසු, final files හෝ website handover කිරීමට පෙර ගෙවිය යුතුය.
- •මාසික සේවා සඳහා ගෙවීම එකඟ වූ සේවා මාසය ආරම්භයේදී සිදු කළ යුතුය.
- •වෙනත් ගෙවීම් ක්‍රමයක් අවශ්‍ය නම්, Order එක තහවුරු කිරීමට පෙර ලිඛිතව එකඟ විය යුතුය.
03. Advertising Budget
- •Meta, Facebook, Instagram, Google සහ වෙනත් advertising platform වියදම්, Quotation එකේ පැහැදිලිව ඇතුළත් කර නැත්නම්, IDEA WAVE සේවා සහ management ගාස්තු වලින් වෙනම වේ.
- •හැකි සෑම විටම ඔබේම advertising account එක හරහා කෙලින්ම ගෙවීමට අපි නිර්දේශ කරමු.
- •IDEA WAVE හරහා හැසිරවෙන ඕනෑම budget එකක් කලින් අනුමත කර, වෙනම ගිණුම්ගත කෙරේ.
04. Project ආරම්භය සහ Delivery
- •Advance ගෙවීම, සම්පූර්ණ brief එක, අවශ්‍ය content සහ account access ලැබුණු පසු එකඟ වූ කාලසටහන ආරම්භ වේ.
- •ඔබගෙන් ලැබිය යුතු content හෝ අනුමැතීන් ප්‍රමාද වුවහොත්, අපි ඔබව දැනුවත් කර නව delivery දිනයක් එකඟ කර ගනිමු.
05. Revisions
- •තෝරාගත් Package එකේ සඳහන් revisions ප්‍රමාණය ඇතුළත් වේ.
- •Revision එකක් යනු අනුමත මුල් brief එක තුළ කරන වෙනස් කිරීමකි. නව concepts, වෙනස් වූ අවශ්‍යතා සහ අමතර deliverables සඳහා වෙනම අනුමත Quote එකක් අවශ්‍යයි.
- •IDEA WAVE අපගේම වැරදි නිවැරදි කිරීම ඔබේ revisions ප්‍රමාණයෙන් අඩු නොවේ.
06. Content අනුමැතිය
- •Publish හෝ launch කිරීමට පෙර content, designs, මිල ගණන් සහ contact details සඳහා ඔබගේ පැහැදිලි අනුමැතිය අපි ලබා ගනිමු.
- •ප්‍රතිචාර නොදැක්වීම අනුමැතියක් ලෙස සලකනු නොලැබේ.
- •ඔබ ලබා දෙන තොරතුරු නිවැරදි විය යුතු අතර, ඔබ ලබා දෙන materials භාවිතයට ඔබට අවසර තිබිය යුතුය. IDEA WAVE අපගේම වැරදි සඳහා වගකීම දරයි.
07. Marketing ප්‍රතිඵල
- •එකඟ වූ සේවා සහ reporting ලබා දීමට IDEA WAVE කැපවේ. නමුත් නිශ්චිත sales, leads, followers, views හෝ search rankings ප්‍රමාණයක් සහතික නොකරයි.
- •ප්‍රතිඵල budget, audience, තරඟය, offer එකේ ගුණාත්මකභාවය සහ platform හැසිරීම වැනි කරුණු මත රඳා පවතී.
08. Cancellation සහ Refunds
- •වැඩ ආරම්භ කිරීමට පෙර cancel කළහොත්, කලින් අනුමත කළ, ලේඛනගත, ආපසු ලබාගත නොහැකි වියදම් හැර ගෙවීම් ආපසු ලබා දේ.
- •වැඩ ආරම්භ කළ පසු, නිම කළ වැඩ සහ කලින් අනුමත ආපසු ලබාගත නොහැකි වියදම් සඳහා සාධාරණ අඩු කිරීමක් ගණනය කර, අයිතම වශයෙන් පැහැදිලි කර, භාවිත නොකළ ශේෂය ආපසු ලබා දේ.
- •එකඟ වූ සේවාවක් IDEA WAVE හට ලබා දිය නොහැකි නම්, ඉටු නොකළ කොටස ආපසු ලබා දේ.
- •Refund මුදල සහ බලාපොරොත්තු විය හැකි දිනය ලිඛිතව දන්වනු ලැබේ.
09. මාසික සේවා Cancel කිරීම
- •ඊළඟ සේවා කාලයට අවම වශයෙන් දින 7කට පෙර දැනුම් දෙන්න.
- •සේවා කාලය සහ එකඟ වූ renewal ක්‍රමය පැහැදිලිව දැක්වේ.
- •ඔබගේ පැහැදිලි අවසරයකින් තොරව automatic billing සක්‍රීය නොකෙරේ.
- •Cancellation දිනය සහ ඉතිරි deliverables හෝ ගාස්තු ලිඛිතව තහවුරු කෙරේ.
10. Deliverables සහ අයිතිය
- •සම්පූර්ණ ගෙවීමෙන් පසු එකඟ වූ final deliverables සහ භාවිත අයිතිය ලබා දේ.
- •Editable/source files ඇතුළත්ද යන්න Quotation එකේ පැහැදිලිව සඳහන් වේ.
- •Third-party fonts, stock content, software සහ templates ඒවායේ licences වලට යටත් වේ. Third-party හෝ AI-generated material සඳහා exclusive අයිතියක් පොරොන්දු නොවේ.
11. බාහිර සහ Recurring වියදම්
- •Domain, hosting, maintenance, payment gateway, API, WhatsApp platform සහ renewal වියදම් ඇතුළත්ද යන්න පැහැදිලිව දැනුම් දේ.
- •One-time setup ගාස්තු, recurring ගාස්තු සහ optional extras වෙන් වෙන්ව දැක්වේ.
- •හෙළි නොකළ අමතර ගාස්තු අය නොකෙරේ.
12. Website Support
- •Handover කළ දින සිට දින 14ක කාලයක් එකඟ වූ website scope එකේ bugs නිවැරදි කිරීම ඇතුළත් වේ.
- •නව features, අමතර pages සහ content වෙනස් කිරීම් සඳහා වෙනම Quote එකක් ලබා දේ.
- •මෙම support කාලය අදාළ නීතිය යටතේ ඔබට ඇති කිසිදු අයිතියක් හෝ සහනයක් ඉවත් නොකරයි.
13. Account Access සහ Privacy
- •හැකි සෑම විටම shared passwords වෙනුවට role-based access භාවිත කෙරේ.
- •ඔබේ තොරතුරු එකඟ වූ සේවා සහ නීත්‍යානුකූල පරිපාලනය සඳහා පමණක් භාවිත කෙරේ.
- •වැඩ අවසන් වූ පසු අනවශ්‍ය access ඉවත් කරන අතර, දත්ත සඳහන් අරමුණු හෝ නීතිමය අවශ්‍යතා සඳහා පමණක් තබා ගැනේ.
- •වැඩි විස්තර සඳහා අපගේ Privacy Policy බලන්න: Privacy Policy
14. AI සහ Third-party Platforms
- •Package එකක AI-generated visuals, video හෝ narration භාවිත කරන විට එය දැනුම් දේ.
- •අදාළ third-party අනුමැතීන්, වියදම් සහ සේවා මත රඳා පැවැත්ම පැහැදිලි කෙරේ.
- •Platform outage, rejection හෝ restriction එකක් delivery එකට බලපෑවොත්, ඔබව දැනුවත් කර සුදුසු ඊළඟ පියවර එකඟ කර ගනිමු.
- •IDEA WAVE අපගේම වැරදි සඳහා වගකීම third-party ගැටලු පෙන්වා මඟ හරින්නේ නැත.
15. Portfolio සහ Promotional භාවිතය
- •ඔබේ නම, logo, වැඩ හෝ ප්‍රතිඵල IDEA WAVE promotions වල පෙන්වීමට වෙනම, අනිවාර්ය නොවන අවසරයක් ලබා ගනිමු.
- •මෙම අවසරය සේවා කොන්දේසි පිළිගැනීමේ අනිවාර්ය කොටසක් නොවේ.
16. පැමිණිලි සහ පාරිභෝගික අයිතිවාසිකම්
- •WhatsApp/Phone: 075 580 1731
- •Email: ideawavelk@gmail.com
- •කරුණාකර ඔබේ Quotation/Order reference අංකය සහ ගැටලුවේ විස්තර ලබා දෙන්න.
- •මෙම කොන්දේසි අදාළ ශ්‍රී ලංකා නීතිය යටතේ ඔබට ඇති පාරිභෝගික අයිතිවාසිකම් හෝ සහන ඉවත් කිරීමක් හෝ සීමා කිරීමක් නොකරයි.
17. කොන්දේසි වෙනස් කිරීම
- •සංශෝධිත කොන්දේසි නව version අංකයක් සහ යාවත්කාලීන දිනයක් සමඟ publish කෙරේ.
- •වෙනස්කම් අනාගත Orders සඳහා අදාළ වේ. දැනටමත් පිළිගත් Order එකක කොන්දේසි නිහඬව වෙනස් නොකෙරේ; ප්‍රධාන වෙනස්කම් සඳහා ඔබගේ එකඟතාව අවශ්‍යයි.
